A few words about
What We Do
Our projects
DIRI LALANA Development Services Organisation
Medical clinics and awareness programs වෛද්‍යසායන වැඩසටහන
අප ආයතනය මගින් බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සිදුකරනු ලබන වෛද්‍ය සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන.
ආයතනයේ සෞඛ්‍ය අරමුදලින් සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වකුගඩු, පිළිකා, හෘද රෝග, බයිපාස් සැත්කම්, අක්ෂි කාච ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුවේ.
මීට අමතරව සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීම, අවශ්‍ය මුත්‍රා සහ ලේ ඇතුළු වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම මේ වැඩසටහනට ඇතුළත්වේ.
මෙහිදී හඳුනාගන්නා රෝගීන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමද මේ යටතේ සිදු කෙරේ.
Soap Products Training Program සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන
පැවැත්වු ස්ථාන :
මාලිගාවත්ත, මට්ටක්කුලිය,දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කුරුණියාවත්ත, කඩුවෙල සාමාජිකාවන්(125) ආසන්න ප්‍රමාණයක්
පුහුණු කළ අයුරු :
ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ පුහුණු කිරීම් කළ ගුරුවරියක් හරහා මේ සෑම ස්ථානයකම පුහුණු කිරීම් කළ අතර එසේ පුහුණුව ලැබු පිරිස අතරින් මොරටුව කාර්මික සංවර්ධන මණ්ඩලයට 15 දෙනෙකු යුතු කණ්ඩායමක් පුහුණුවට යැවීම.
ප්‍රතිඵලය :
අවසානයේ දී රෙදි සෝදන සබන් කැටය “සුදිරෝ’ නමින් මිලෙන් අඩු ඉහළ ගුණත්වයෙන් යුතු සබන් කැටයක් එළිදැක්වීම, සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් අළුතින් බිහිවීම, අප අතරේ වෙළඳ පොළ නිර්මාණය වීම.
Japanese Language Training Course ජපන් භාෂා පුහුණු පාඨමාලාව
ලැබෙන ප්‍රතිලාභ :
දැනට දරුවන් 19 දෙනෙකු ජපානයේ ශිෂ්‍යයාවන් ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබන්නේය. ජපන් රට තුළ එමෙන්ම ඔවුන් 18 දෙනෙකුට අප විසින් ණය සැපයූ අතර ඔවුන් පාසල් වේලාවෙන් අමතරව part time රැකියාවල නිරත වෙමින් ගෙදරට බරක් නොවී අපෙන් ලබාගත් ණය පියවන්නේය. දැනට තාක්ෂණ විද්‍යාලවල ඉගෙනුම් ලබන පිරිසක් ද ඇත.
සහභාගි වු පිරිස :
දරුවන් 40කට ආසන්න ප්‍රමාණයක් පුහුණුවට සහභාගි වීම.
US Agency for International Development visiting the offices of Dirilalana.
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රියාත්මක වන අපගේ වැඩසටහන නිරීක්ෂණය සඳහා 2024.10.09 දින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත කණ්ඩායමක් පැමිණි අතර එදින ඔවුන් ජනාවාස ක්ෂේත්‍ර චාරිකාවක් හා අපගේ ඉතුරුම් සහ ණය සංගමය පිළිබඳ අධ්‍යයනය කළේය.
කොළඹ නගරයේ මජිඩ් පෙදෙස පැල්පත් ජනාවාස හා ඒ තුළ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාවන් සියලු නොසලකා හැරීම් තුළ අපත් සියලු දෙනාම එක්වෙමින් සියලු ජාති, ආගම් පටු දේශපාලනික භේද පසෙකලා, තමන්ගේ එදිනෙදා මෙන්ම හදිසි අවස්ථාව මෙන්ම නිවාස, සෞඛ්‍ය, සුබසාධක, අධ්‍යාපන ගැටළුවලට පිළිතුරු සොයන්නට ශක්තිමත්ව නැඟී සිටින අයුරු පෙන්වා දෙන්නට අවස්ථාව උදා විය.